Showing posts with label Sports. Show all posts
Showing posts with label Sports. Show all posts

Wednesday, October 13, 2010

‘බොක්සිං මංජු’ ලක්දිවට රන් ගෙනේ

ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවැත්වෙන 19 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේදී කිලෝග‍්‍රෑම් 56 බර පන්තිට යටතේ අවසන් මහ තරඟයට තරඟ වැදුනු ශ‍්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චි ප‍්‍රතිවාදී ප‍්‍රබල වේල්ස් ක‍්‍රීඩක ෂෝන් මැක් පරදවා මේ දක්වා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම ක‍්‍රීඩා උළෙලේදී ලබාගත් ඉහලම සහ එකම රන් පදක්කම ලබා ගැනීමට සමත් වී ඇත. එසේම වසර 60කට පසුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලකදී බොක්සිං තරඟයකදී පදක්කමක් ලබාගත් ප‍්‍රථම අවස්ථාව වෙයි.