Thursday, November 4, 2010

ZTE MF 628 Unlock කර ගන්නෙ මෙහෙමයි

මගේ කලින් post එකක ඇති Huawei HSDPA modem එකක් unlock කරන හැටි

මේක මම මුලින්ම දැක්කෙ ලහිරු මල්ලිගෙ බ්ලොග් එකෙන්.
කොතනින්ද හොරකම් කලේ කියල මුලින්ම කියන්න එපැයි :)

* මුලින්ම කරන්න තියෙන්නෙ මෙතන ඔබලා මේ software එක බාගන්න.

* දැන් බාගත්තු rar file එක unzip කරගන්න. (winrar පාවිච්ච් කරල මෙක කරගන්න පුලුවන්)

* දැන් dccrap.exe file එක double click කරල open කර ගන්න.

* ඊට පස්සේ පහල රූපයේ විදියට open උනාට පස්සේ මොඩෙම් එකට වෙනත් ජාලයක සිම් පතක් දමා (උදා-Dialog එකෙන් දුන්න එකකට Mobitel එකක් දමා) USB port එකකට පල්ග් කරන්න.


ඊට පස්සේ මොඩම් එකට අදාල connection manager software එක (උදා-Dialog Manager) ධාවනය වුනොත් විතරක් ඒක close කරලා දාන්න.මොඩම් එ‍කට memory card එකක් ගහගෙන ඉන්නවනම් card එක මුලින්ම ඉවත් කරලා ඉන්නවානම් හොදයි.මොකද unlock කරන අවස්ථාවේ වෙනත් මෘදුකාංග මොඩමයට සම්බන්ධ වීම බාධාවක් නිසා.
ඊට පස්සේ රූපයේ
01 ලෙස දක්වා ඇති drop down menu එකෙන් ZTE data cards කියන ඒක select කර ගන්න.
02 ලෙස දක්වා ඇති drop down menu එකෙන් Auto Detect කියන විකල්පය select කරගන්න.
03 ලෙස දක්වා ඇති Find button එක ඔබන්න. ඉන්පසු ටික වේලාවකින් සම්බන්ධ කොට ඇති මොඩමයේ වර්ගය පහල text box එකේ සටහන් වේවි.
04 ලෙස දක්වා ඇති Unlock button එක ඔබන්න.තප්පර කිහිපයකට පසු මොඩමය සාර්ථකව unlock වූ බව පහල text box එකේ සදහන් වේවි.
පහත රුපය බලන්න



ඊට පස්සේ ඉතින් මැසිම restart කරන්න.